හලෝ ළමයිනේ....ඔන්න අදත් නරුමි සර් ආවෙ තවත් අලුත් දෙයක් අරගෙන. ඔයාලගෙ දැනුමට එකතු කර ගන්න පුළුවන් තොරතුරු ටිකක් මන් හොයා ගත්තා.. ඒව හෙමීට දාන්නම්කෝ... මේක ඔයාලගෙ දැනුම පොතට එකතු කර ගන්න. මොකද මේ තොරතුරු ගොඩක් වටිනවා. ඒනම් කතා ඕනි නෑ.. සොබා දහම විසින් නිර්මාණය කෙරුණු ලස්සන ශාක වර්ගයක් ගැනයි මන් මේ කියන්නේ, කියවලම බලන්නකෝ මුකද්ද මේ කියලා......
දේදුන්න යුකැලිප්ටස්
යුකැලිප්ටස් පොදුවේ Rainbow eucalyptus(රේන්බෝ යුකැලිප්ටස්), Mindanao gum, Rainbow Gum ලෙස හඳුන්වයි. මෙම ශාක ඉතා උස ශාක වර්ගයකි. එය උතුරු අර්ධ ගෝලයට ආවේණික වූ ස්වාභාවිකව වැඩෙන එකම යුකැලිප්ටස් ශාක විශේෂ වේ. එහි ස්වභාවික බෙදාහැරීම් නව බ්‍රිතාන්‍යය, නිව් ගිනියා, සේරම්, සුලවෙසි හා Mindanao දක්වා පැවත ඇත.
මෙම ශාක අඩි 6 ක්
පමණ විශ්කම්භයෙන් යුතු අතර උස අඩි 200 ක් පමණ උසට වර්ධනය
වේ. වඩාත් ම අසාමාන්‍ය ලක්ෂණයක් වන්නේ, මෙම ශාක වාර්ශිකව කාල
වලදී ශාක කඳෙහි පොත්ත තැනින් තැන ගලවී යාමයි. එසේ ගැලවී ඉවත් වූ පසු
තිබෙන නව ශාක පොත්ත දේදුන්නක් පැහැති නිල්,
දම්, රතු,
තැඹිලි, දුඹුරු, කහ,
කොළ වැනි අලංකාර ලෙස වර්ණ වලින්
යුක්ත වේ. මෙම ශාක විසිතුරු උයන් වල වගා කර ගත හැකි වුවද, එහි ලී බොහෝ විට පිලිපීනය වැනි රටවල කඩදාසි පල්ප සඳහා භාවිතා කරනු ඇත.
මෙම ශාක වල කඳෙහි පමණක් නොව අතු වලත මෙම
ක්‍රියාවලිය වාර්ශිකව සිදු වේ. මෙම සහාක විශේෂයට රේන්බෝ යුකැලිප්ටස් (Rainbow eucalyptus) යන නාමය ද සෑදී
තිබෙන්නේ මෙම ශාකයේ සිදුවන වර්ණ ගැන්වීම නිසාය.
අහ් එල හබෑයි තව කරුනු ටිකක් එකතු කරානම් හොදයි
ReplyDeleteඅනිව සහෝ... දිගටම තව ලිපි ලියන්නම්.
ReplyDelete