පිරානා
ඔන්න නරුමිය ගොඩ දාසකින් බ්ලොගියට ගොඩ උනා.... මේ දවස් වල ටිකක් වැඩ
වැඩි හන්ද බ්ලොගිය පැත්තෙ එන්න බැරි උනා. අද ආවෙ අලුත් තොරතුරු
වගයක් අරගෙන වැඩි කතා ඕනි නෑ කෙලින්න්ම කියන්නම්.
අද කතා කරන්න යන්නෙ මිනී කන මාළු ජාතියක් ගැන. මිනී කන මාළු කීවම බලයි මිනී මෝරුද කියලා...නෑ නෑ මන් කියන්න
යන්නෙ පිරාන මාළු ගැන. ස්මහරු දන්නවත් ඇති. මෙයාල ඇත්ටම ලොකු
මාළුවො ජාතියක් නෙමේ. අහ් කස්ටියට මතක ඇතිනෙ දඟර වලිග කාටුන් එකේ
එම ඉන්නෙ, අන්න එයාල තමයි මේ.
ඇත්තම කීවොත් මේ පිරාන මාළුන් දකුනු ඇමෙරිකාවෙහි
ගංගා වල සහ ඇමසන් ගංගාවේ ආවේනිකව ජීවත් වේ. ඉතා කුඩා බිත්තර වලින් ඉපදෙන මොවුන් කුඩා
කාලයේදී ජලජ පැළෑටි, කුඩා ජලජ ජීවීන්
ආහාරයට ගන්නා අතර වැඩුනු පසු මාංශ ආහාරයට ගැනීමට පුරුදු වේ. ඇත්තම කීවොත් මාන්ශ වලට කෑදර මාළු විශිෂයක්. පිරානා වර්ග ආසන්න වශයෙන් 20ක් පමණ මේ වන විට
සොයාගෙන තිබෙනවා. ඒ අතරින් “රතු ලිහිණියා” වැඩි වශයෙන් දැකිය හැක. මොවුන් බෙහෙවින්
කලහකාරී වගේම හීලෑ මාළුවන් වර්ගයකි. සමහර රටවල් වල මොවුන්
සුරතලයට ඇති කරනවා (හෑ හුරතලේට? යසයි වැඩේ..) ඒත් එයට නීතියෙන්නම් ඉඩක් නැත. මොකද ඉතින්
මේ සාරි ගප්පි ගෝල්ඩ් ෆිශ් ල නෙමේනෙ... මොවුන්ගේ තියුණු දත් නිසා දකුනු ඇමෙරිකාවේ ගංගා ආශ්රිත
ගැමි ජනයා මොවුන් අල්ලා මොවුන්ගේ දත් වලින් තියුනු ආයුධ නිර්මාණය කර ඇත.
මේ පිරාන මත්ස්‍යන් ඇත්තටම ඒ තරම් ලොකු මාළු ජාතියක් නෙවේ,
කුඩා පිරානා මසුන් අඟල් 1.5 ක් පමණ දිගින් යුක්ත
වන අතර වැඩුනු පිරානාවන් අඟල් 17ක් 20ක් පමණ වේ.
මොවුන් නිතම සිටින්නේ රංචු වශයෙනි. මොවුන් ඉතා කුඩාඅ මසුන් උවද මොවුන්ගේ දත් ඉතා
තියුනු ලෙස හොඳින් වැඩී ඇත, ඒ මාංශ ආහාරයට
ගැනීමට පහසු වීමටය.මිනී මෝරුන් තරම් විශාල නොවුනත් මෝරුන්ටත් වඩා භයානක ම්ත්ස්යය
විශෙෂයක් ලෙස පිරාන මසුන් හැඳින්විය හැකිය. එයට හේතුව වන්නේ විනාඩි 2ක් ඇතුලත
පිරාන මසුන් රැලකට අහු උන මිනිසෙකුගේ ඇට සැකිල්ල පමණක් ඉතිරි කිරීමට හැකි වීමයි...
පිරාන මසුන්ගේ
ගොදුරට හසු උන අයගෙ පින්තූර ටිකක් යට ඇති බලන්නකෝ
හම්මේ බයේ බෑ... කෝමද ආ ටැංකියක දාල ඇති කරන්ට හිතෙනව නේ?
අඩුපාඩු තියෙනවනම් කමෙන්ට් එකක් දාන යමු ඈ... ඒනම් අපි අදට වාස්ප උනා...
ඔබට ජය................!
පට්ට ....
ReplyDeleteපට්ට ....
ReplyDeleteහුරතලේට ඇති කරන්න හිතෙනවා 😂😂. පට්ට
ReplyDelete