ඔන්න ඉතිං නරුමිය අවුරුද්දකට විතර පස්සෙ බ්ලොගියට ගොඩ උනා.. කැලෑ වෙලා වල් වැදිල තියෙන බ්ලොගිය පොඩ්ඩක් සුද්ද කරල දාන්න කියල තමා මේ බැලුවෙ ඉතිං. කෝම කෝම හරි ඉතිං නරුමිය මොකක් හරි ජිල්මාට් එකක් හොයා ගත්ත ගමන් එනවනෙ අපෙ කොල්ලො කෙල්ලො ටිකට කියල දෙන්න. ඉතිං ඕම ඉද්දි පරන පත්තර කෑල්ලක තිබිල පොඩි දෙයක් ගැන වටින තොරතුරක් සැට් උනා. කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල ඉතින් මාත් ඒ ගැන තව තොරතුරු ටිකක් හොයල මේකෙ දැම්ම ඔන්න. පහලට ගිහින් බලන්නකො මොකද්ද මේ සිද්දිය කියල.
නිහාරිකා...... කලින් අහල තියෙනව්ද මේම නමක් ගැන? ගොඩක් දෙනෙක් අහල නැතුව ඇති. ඇත්තටම මොකද්ද මේ නිහාරිකා කියන්නෙ?
විශ්වය දිහා බැලුවම මොන තරම් දේවල් අපිට බලා ගන්න පුලුවන්ද ඒත් ඇත්තටම වැඩි හරියක් අපේ පියවි ඇසට පෙනෙන්නෙ පුන්චිම පුන්චි තරු විතරයි. නිහාරිකා කියන්නෙ හරියටම කීවොත්, තරුවක උපත තමා මේ නිහාරිකා කියල කියන්නෙ. මේවා හිස් අවකාශයකින් තොරව මහා විශාල දූවිලි කඳන් වල්න් පිරී ඇති බව තාරකා විද්‍යාඥයින් තම පර්යේෂණ වලින් හෙලිදරව් කර ඇත. ඒ වගේම මේ නිහාරිකා විවිධ හැඩ වලින් සැකසී ඇති බවත් පර්යේෂණ වලින් හඳුනාගෙන තියෙනවා. මේ දූවිලි වළා තුලින් තාරකා වල උපත සිදුවන බවත් තාරකා වල මව් කුස වශයෙන්හැඳින්විය හැකි බවත් විද්‍යාඥයින් පවසයි. මෙවැනි නිහාරිකා විශ්වය පුරාවට පැතිරී ඇති හිස් අවකාශයන් තුළ පිහිටා ඇති බවත් මේවායින් සමහරක් ආලෝකය නිකුත් කරන අතර සමහරක් ආලෝකය නිකුත් නොකරයි. මෙසේ ආලෝකය නිකුත් කරන නිහාරිකා "දීප්ති නිහාරිකා" ලෙසද ආලෝකය නිකුත් නොකරන නිහාරිකා "අඳුරු නිහාරිකා" ලෙසද හඳුන්වයි.
Crab Nebula
Trifid Nebula
Ring Nebula
NGC 6302 Nebula
Carina Nebula
අඳුරු නිහාරිකා
අඳුරු නිහාරිකා මගින් ආලෝකය නිකුත් කරනු නොලබන අතර විටෙක දීප්තිමත්ව බබළන බව ඒ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයෝ පවසති. මේවා අවට ඇති තාරකා මගින් අඳුරු නිහාරිකා තුලට ආලෝකය ලැබෙයි. නමුත් දීප්ති නිහාරිකාමෙන් අඳුරු නිහාරිකා ආලෝකය උරා නොගන්නා අතර ලැබෙන ආලෝකය පරාවර්තනය කරයි. මෙම පරාවර්තිත ආලෝකය නිසා සමහර අඳුරු නිහාරිකා ද ආලෝකයෙන් බබළනු දැකිය හැකිය. පරාවර්තන නිහාරිකා යනුවෙන් හඳුන්වන්නේ මේවාය.
Dark Horse Nebula
Iris Nebula
Coalsack Nebula
Horsehead Nebula
Pipe Nebula
ලිපියෙ අඩුපාඩු වැරදි තියෙනවනම් කමෙන්ට් එකකින් කියන්න ළමායි. තවත් ලිපියට ඇතුළත් වෙන්න ඔනි දේවල් තියෙනව්නම් ඒව ගැනත් කියන්න ඔයාල දන්න දේවල් කියන්න හැමෝමත් එක්ක දැනුම බෙදා ගන්න. ඒනම් නරුමි වාස්ප උනා ආයෙ දවසක සෙට් වෙමු. උපුටා ගැනීම් 2006/09/11 මිහිර පුවත්පත සහ විකිපීඩියා තුලින්.
ekama lipiya katha karana basawenui, liyana basawenuyi dekenma thiyana eka awlak nadda?
ReplyDeleteLiyana basawenma liyanna giyanam kammalinr bn kiyawana ayata pothak liea wage. Blog kiyanne amuthuma kalawak. Anith ayata therum ganime pahazuwa handama thamai kiyana bazawenma liyanne .
ReplyDelete