Sunday, February 15, 2015

Registry දෝෂ සමනය කරන හැටි


ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එකට ගොඩ උනේ...... බ්ලොග් එක පුරාවට මකුළු දැලුත් බැදිල.... ඔක්කොම ක්ලීන් කරල දාන්න ඕනි. වැඩිය කතා ඕනි නෑ. ආව කාරනේ කෙලින්න්ම කියන්නම්කො. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අළුත් වැඩක් ගැන. ඔයාලට මතක ඇතිනෙ කලින් කියල දීපු Ccleaner කියන සොෆ්ට්වෙයා එකෙන් කරන වැඩ ගැන... අද මම කියන්න හදන්නෙත් එ සොෆ්ට්වෙයා එකෙන්ම කරන තවත් වැඩක් ගැන. එහෙනම් වැඩේ පටන් ගමුකෝ....... ඔයාල දන්නවනෙ Computer එරර් මැසේජ් එහෙම. ඒව එන්නෙ මේ කියන රෙජිස්ට්‍රියේ දෝෂ තිබුනම තමයි. ඉතින් ඒ දෝෂ නිවැරදි කරගන්න අපිට මේකෙන් පුලුවන්.


මුලින්න්ම මෙ සොෆ්ට්වෙයා එක බාගෙන පරිගනකයට ස්තාපිත කරගන්ටකෝ. ඊට පස්සෙ ඒක Open කරගන්නකෝ. පහළ තියෙන රූප දිහා බලල වැඩේ පටන් ගන්න.

සොෆ්ට්වෙයා එක බාන්න මෙතන Click කරන්න



දැන් මෙහි ඇති REGISTRY කියන එක Click කරන්න




දැන් ඔයාලට මේ විදිට එකක් ඇවිත් ඇති දැන් තමා වඩේ පටන් ගන්න තියෙන්නෙ.
මුලින්නම මේතන පහල තියෙන Scan issues කියන එක Click කරන්න

ඊට පස්සෙ Scan වෙයි. Scan වෙලා ඉවර උනාට පස්සෙ Fix selected issues කියන එක කරන්න  



දැන් මේ විදියට Message එකක් ඒයි. මෙකෙන් කියන්නෙ අපි ක්ලීන් කරන්න හදන රෙජිස්ට්‍රි ෆයිල් Backup ෆයිල් එකක් විදියට සේව් කරන්නද කියලා. එහෙම අහන්නෙ හ්දිස්සියේවත් ඔයාල රෙජිස්ට්‍රි ක්ලීන් කලාට පස්සෙ මොකක් හරි අව්ලක් උනොත් කියල. එහෙම උනොත් අපිට පුලුවන් මෙ ෆයිල් එක ආපහු Restore කරන්න. ඒක නිසා මේක කරන එක හොදයි. 



දැන් මේකෙ Fix all selected issues කියන එක කරන්න. ඊට පස්සෙ වැඩේ ඉවරයි. එහෙනම් කරලම බලන්නකෝ............



No comments:

Post a Comment