Wednesday, March 9, 2016

ගෙඩි පිටින් වෙබ් සයිට් එකක් බාමු



ඔන්න ඉතින් නරුමිය ආව ගොඩ කාලෙකට පස්සෙ සොෆ්ට්වෙයා කෑල්ලක් අහුලගෙන. නම ඇහුනම නිකන් කස්ටිය කැරකිල හොල්මන් වෙලා ගියා නේද? මේකනම් හැබැයි පට්ට වැඩක් ... මේකෙන් කරන සීන් එක කියන්නම්කො අපි ඔය ඩේට කපාගෙන පත්තර බලනව වගේ බ්ලොග් සයිට් වෙබ් සයිට් ඒම බලනවනේ. ඒත් ඩේට කපා ගන්නෙ නැතූව, ඕෆ් ලයින් බ්ලොග් සයිට් වෙබ් සයිට් ඒම බලන්න පුලුවන් ගැජමැටික් කෑල්ලක් තමා අද නරුමිය ගෙනාවෙ. වෙබ් සයිට් එකක් කෙලින්ම පරිගනකයට බා ගන්න පුලුවන් මේකෙන්. කොටින්න්ම කීවොත් ඉන්ටනෙට් පහසුකමක් නැති අයට මේක ගොඩක් වටින දෙයක් වේවි. කතා ඕනි නෑ. ඒනම් වැඩේට එන්ටර් වෙමුකො ...





මුලින්ම මෙතන තියෙන ලින්ක් එක ක්ලික් කරල ගිහින් ඔපරේටින් සිස්ටම් එකට අදාල සොෆ්ට්වෙයා කෑල්ල බාගෙන ඉන්ස්ටෝල් කර ගන්නකෝ

මෙතනින් බාගන්න


දැන් පහළ කියල තියෙන වෙදියට වැඩේ කරගෙන යන්න.


New Project Name කියන තැනට නමක් දෙන්න. යට තියෙන්නෙ සේව් වෙන තැන. කරල Next  ක්ලික් කරන්න.

දැන් බා ගන්න ඕනි වෙබ් සයිට් එකේ හරි බ්ලොග් එකේ හරි ලින්කුව කොපි කරන Web Addresses කියන තැන පේස්ට් කරන්න. දැන් Next ක්ලික් කරන්න.



මෙතන මුකුත් කරන්න එපා Finish ක්ලික් කරන්න


දැන් මේ විදියට බාගතවෙනව පෙනෙයි.


බාල ඉවර උනාම Finish ක්ලික් කරන්න. දැන් වැඩේ ඉවරයි. දැන් ඉන්ටනෙට් ඩිස්කනෙට් කරල ඔයාල සෙව් දුන්න තැන ඇති ඔයාල දුන්න නමින් ෆයිල් එකක්. ඒකෙ ඇතුලෙ index කියල ෆයිල් එකක් ඇති. ඒක ඔයාලගෙ වෙබ් බ්රව්සර් එක හරහා ඕපන් කර ගන්න.


වැඩේ ගොඩනම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකො අඩුපාඩු ඒමත් තියෙනවනම් කමෙන්ට් එකක් දාගෙනම යමු ..... එනම් නරුමි වාස්ප උනා ජයවේවා..........!



2 comments: