Sunday, August 9, 2015

හබල් අභ්යාවකාශ දුරේක්ෂය 02




                             

   කාලෙකින් බ්ලොගියට ගොඩ උනේ... හෑ හම්මේ ඉතින් බ්ලොගිය පුරාවට මකුලු දැලුත් බැඳිල. වැඩිය කතා ඕනි නෑ මන් මේ ආවෙ බාගෙට ඉවර කරපු වැඩ ටික සම්පූර්ණ කරන්න. ඒනම් ඉතින් වැඩේට එන්ටර් වෙන්නම්කො ඈ.... කලින් වතාවෙ හබ්ල් දුරේක්ෂය ගැන දාපු ලිපියෙ ඉතිරි ටික දාල ඉන්නම්කො ඒනම්.....

                                               විශ්වයේ ඈත පවතින ග්‍රහ වස්තු වේගයෙන් ගමන් කරයි. නිසා ඒවායේ තොරතුරු ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වේ. පෘතුවියේ ගමන් මාර්ගයෙන් ඈතට  වේගයෙන් ගමන් කරන ග්‍රහ වස්තු ඇත.
එනිසා යම් නිශ්චිත කාල  පරාසයකදී නිශ්චිට ග්‍රහ වස්තුවක් අධ්යයනය කිරීම ඉතාම දුෂ්කර කාර්යයකි. එහෙත් එම අභියෝගය ජය ගැනීමට හබ්ල් දුරේක්ෂය සමත් වී ඇත. මෙම දුරේක්ෂය පෘතුවියෙන් ඈතට යන වස්තු පිළිබඳව තොරතුරු පෘතුවි පාලක මැදිරිය යොමු කරයි.
                                                      හබ්ල් දුරේක්ෂයෙන් අපේක්ෂා කළ අරමුණු මේ වන විටත් ඉටු කර ගැනීමට සමත් වී ඇත. එනම් ජීවයේ ආරම්භය ගැන තොරතුරු සොයා ගැනීමට හබ්ල් දුරේක්ෂය සමත් වී ඇත. ඊට අමතරව විශ්වයේ ප්‍රථම තරුව ඇති වීම හා එහි හැඩය පිළිබඳව යම් මතයක් ගොඩ නැගීමට ප්රමාණවත් සාක්ෂි මේ වන විට හබ්ල් දුරේක්ෂය විසින් සොයාගෙන ඇත.

හබල් දුරේක්ෂයේ ඉතාමත් වැදගත් සොයාගැනීම්

 Ø හබ්ල් දුරෙක්ෂය විසින් "Hubble Ultra Deep Field" නම් මෙතෙක් දුටු සීමාන්තයේ පිහිටි මන්දාකිණිය සොයාගෙන ඇත.
 Ø විද්යාඥයන් විශ්වයේ වයස සහ ප්රමාණය අනුමාන උපකාර කර තිබෙනවා. විද්යාඥයන් පවසන පරිදී විශ්වයේ වයස වසර බිලියන 13, 14 ක් පමණ යැයි කියයි.
 Ø හබල් දුරෙක්ෂයෙන් කළු කුහර පදාර්ථ සොයාගෙන ඇත.
 Ø තවද විශාල තාරකා මිය යාම්
 Ø විවිද වර්ණවත් ආලෝක විශ්වයේ ඇති විවිද දේවල් සොයාගෙන ඇත.

ඔය පාත තියෙනෙ ඒවායෙ ෆොටෝ ඈඒනම් ඉතින් ලයික් එකක් දාන කමෙන්ට් එකක් කොටාන යමුකෝ... ඈ හුටා වැරදුන ලයික් කොහෙද බ්ලොගියට? බුකියෙ පුරුද්දට මේකෙත් කිය උනා හික්ස්... කමෙන්ට් එකක් කොටාන යමු ඒනම් ඈ... ඒනම් අපි වාස්ප උනා ජය වේවා.............!





No comments:

Post a Comment