Wednesday, February 10, 2016

පිටසක්වල ජීවය 02




ආ ළමායි... නරුමි සර් මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ. බ්ලොගිය පැත්තෙ එන්නෙත් මාසෙටම දෙපාරක් තුන්පාරක් විතර. අද මම ආවෙ පිටසක්වල ජීවය ගැන කලින් දාල තිබුනු ලිපියෙ ඉතුරු කොටස දාන්න. කස්ටිය බලාගෙනනෙ ඉන්න ඇත්තෙ මේ ලිපිය දානකල්. හරි ඒනම් වැඩි කතා ඕනි නෑ සීන් එක කියන්නම්කො.

පිටසක්වල ජීවීන්ගේ පැමිණීම පිළිබඳ නිවැරදි පරීක්ෂණ හා තොරතුරුසොයා බැලීම ඉතාමත් සංකීර්ණ හා අපහසු කාර්යයකි. මොකද පුවත්පත් වාර්තාකරුවන් සහ මිනිසුන් තමන්ගේ වාසිය හා ප්‍රසිද්ධිය පතා මිනිසුන් මුලා කරවන අසත්‍ය තොරතුරු පල කරනව. කෙසේ වෙතත් ඉතා පුදුමසහගත සත්‍ය සිදුවීමක් 1947 රොස්වෙල් නම් කාන්තාර ප්‍රදේශයේ සිදු වී ඇත. එම සිදුවීමෙන් පසු සක්වල ජීවීන් පිලිබඳ මතය මිත්‍යාවක් නොවන බව බොහෝ දෙනා පිළිගත්හ.


දිනය - 1947 ජූලි මස 04
රට - ඇමෙරිකාව
ස්ථානය - රොස්වෙල්හි කාන්තාර ප්‍රදේශයකි
ඇසින් දුටු සක්ෂි - මැක් බ්‍රේසන්



1942 ජූලි 03 වැනිදා රාත්‍රියේ මැක් බ්‍රේසන්ස්,  රොස්වෙල් අසල කාන්තාරයේ ගමන් කරමින් සිටින අතර එකවර අහසින් විශාල ශබ්දයක් ඇසිණි.  කාන්තාර ප්‍රදේශයෙන් අසුන ශබ්දය කුමක්ද බැලීමට පසුදා උදෑසන මැක් බ්‍රේසන් ගියේය. එහිදී ඔහුට යානයක සුන්බුන් හා ලෝහ කැබලි රාශියක් හමුවිය. ඒවා කුමක්ද යන්න නොදැන පළාතේ අධිකාරි වරයා සොයා ගොස් මේ පුවත කීවේය. පසු ඔහු ඒ පුවත අසල පිහිටි ගුවන්හමුදා කඳවුරට දැන්විය. පසුව පරීක්ෂණය සඳහා ඔවුන් පැමිණියේය. එහිදී අවට විසිහී තිබුනු ලෝහ කැබලි හමුවිය. සැතපුම් 3ක් පමණ පළලින් යාර 250ක වර්ගඵලයක් ඇති ප්‍රදේශය පුරා මෙම වෙනස පැතිරියේය. ප්‍රදේශයේ අධික තාපයක් පැවතුනු බැවින් වැලි උණු වී වීදුරු බවට පත් වී තිබිණි.ඒ සමගම ඔවුන් තැතිගත් මීටර් 3ක් දුරින් අත්භූත හැඩයකින් යුත් මළ සිරුරු සතරක් දැකීමෙනි. එම සිරුරු තුලින් අමනුෂ්‍ය ගතියක් පිළිඹිබු විය. සිහින් සිරුරු ලෙසට පෙනී ගිය සිරුරු වල උස අඩි 5ට වඩා නොවීය.
ශරීරයේ හැඩය හිස තරමක් විශාල විය.



මේ සිරුරු අතරින් බරපතල තුවාල ලබා සිටි එක් ජීවියෙකුගේ ප්‍රාණය සහිත සිරුරක් හමුවිය  ඒ සමගම  එම ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත් විය. එහිදී ජනමාධ්‍යට පැවසුවේ එය කාලුග්ණ බැලූනයක් පුපුරා ගිය සිදුවීමක් ලෙසටය. එසේම මෙම සිදුවීම සැගව ඉයේය. පසුව යලිත් 1950 වසරේදී පේ සිදුවීම ගැන රහස්  හෙලි විය. මේ තොරතුරු අනාවරණය වූයේ  හමුධා කඳවූරේ ඡායාරූප ශිල්පීනා වූ "රේ සැන්ට්ලි" "ජැක් බානට්" විසිනි. මෙම නාමයන් අන්වර්ත නාමයන් විය. ඔවුන් දෙදෙනා පිටසක්වල ජීවීන්ගේ අපූරු තොරතුරු හෙලි කලේය. තොරතුරු සොයා ගැනීමට මුල් වූයේ එල්විස් ප්‍රේස්ලි පිළිබඬ්ද චිත්‍රපටයක් තැනීමට් ගිය රේ ස්ටැන්ලි විසිනි. ඔහු හා හිතවත් වූ ජැක් කුඩා පැරණි වීඩියෝ පටයක් පෙන්විය. එහි දක්නට ලැබුනේ පිටසක්වල ජීවීන්ගේ මළ සිරුරුය.


  සමගම පිටසක්වල ජීවීන්ගේ කායවිඡේදනය කරමින් සිටින වෛද්‍යවරු පිරිසක්ද එහි විය. මෙම පරීක්ෂණ සිදු කෙරුණේ ෆෝර්ට් වර්ත් රෝහලේදීය. මෙම වීඩියෝව නැරඹූ රේ පසුව මේ පිළිබඳ තොරතුරු හෙළිකලද්ජ එතරම් ජනප්‍රිය නොවූහ.  පසුව ඔහු එයින් තවත් වීඩියෝපටයක් නිපදවා ප්‍රශර්ශනය කළේය. එහි වෛද්‍යවරුන් පිරිසක් විසින් පිටසක්වල ජීවීන් පරීක්ෂා කරන ආකාරයයි.සිරුරෙහි උස අඩි 4-5 අතර වේ. හිස කඳට සාපේක්ෂව විශාල විය. ඉතා කුඩා නාසයක් සහ කන් දෙකක්ද. පිහිටා තිබුණි. කිසිදු ලිංගික අවයවක් නොතිබීම විශීෂත්වයකි.

මෙම තොරතුරු හෙලිවීමෙන් පසු බොහෝ පිරිසකගේ අදහස් වූයේ මෙම ජීවීන් කෘතීමව නිපදවා ඇති බවයි. එහෙත් ජුරාසික්පාක් වැනි චිත්‍රපට වල පරිගනක රූප නිර්මාණය කළ "ස්ටෑන් වින්සන්" පවසන්නේ මෙලෙස කෘතීමව මෙම ජීවීන් නිපදවා ඇත්නම් එම නිර්මාණ ශිල්පීයා අපූරු මිනිසෙකු බවයි. ඒ අනුව 1947 පිටසක්වල ජීවීන්ගේ මළසිරුරු සොයා ගැනීමේ සිදුවීම හුදෙක් මිත්‍යාවක් නොවීය. එහෙත් මෙම තොරතුරු සැඟව තබා ගන්නේ කුමක් නිසාද යන්න අද වන තෙක් නොවිසඳුන ප්‍රශ්නයකි.

( උපුටා ගැනීම 2006/09/28 වැනි දින පළ වූ ලංකාදීප විදු සෙවණ පුවත්පතෙනී )

No comments:

Post a Comment