Monday, December 25, 2017

නිහාරිකා - Nebula




ඔන්න ඉතිං නරුමිය අවුරුද්දකට විතර පස්සෙ බ්ලොගියට ගොඩ උනා.. කැලෑ වෙලා වල් වැදිල තියෙන බ්ලොගිය පොඩ්ඩක් සුද්ද කරල දාන්න කියල තමා මේ බැලුවෙ ඉතිං. කෝම කෝම හරි ඉතිං නරුමිය මොකක් හරි ජිල්මාට් එකක් හොයා ගත්ත ගමන් එනවනෙ අපෙ කොල්ලො කෙල්ලො ටිකට කියල දෙන්න. ඉතිං ඕම ඉද්දි පරන පත්තර කෑල්ලක තිබිල පොඩි දෙයක් ගැන වටින තොරතුරක් සැට් උනා. කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල ඉතින් මාත් ඒ ගැන තව තොරතුරු ටිකක් හොයල මේකෙ දැම්ම ඔන්න. පහලට ගිහින් බලන්නකො මොකද්ද මේ සිද්දිය කියල.


නිහාරිකා...... කලින් අහල තියෙනව්ද මේම නමක් ගැන? ගොඩක් දෙනෙක් අහල නැතුව ඇති. ඇත්තටම මොකද්ද මේ නිහාරිකා කියන්නෙ? 

Wednesday, March 9, 2016

ගෙඩි පිටින් වෙබ් සයිට් එකක් බාමු



ඔන්න ඉතින් නරුමිය ආව ගොඩ කාලෙකට පස්සෙ සොෆ්ට්වෙයා කෑල්ලක් අහුලගෙන. නම ඇහුනම නිකන් කස්ටිය කැරකිල හොල්මන් වෙලා ගියා නේද? මේකනම් හැබැයි පට්ට වැඩක් ... මේකෙන් කරන සීන් එක කියන්නම්කො අපි ඔය ඩේට කපාගෙන පත්තර බලනව වගේ බ්ලොග් සයිට් වෙබ් සයිට් ඒම බලනවනේ. ඒත් ඩේට කපා ගන්නෙ නැතූව, ඕෆ් ලයින් බ්ලොග් සයිට් වෙබ් සයිට් ඒම බලන්න පුලුවන් ගැජමැටික් කෑල්ලක් තමා අද නරුමිය ගෙනාවෙ. වෙබ් සයිට් එකක් කෙලින්ම පරිගනකයට බා ගන්න පුලුවන් මේකෙන්. කොටින්න්ම කීවොත් ඉන්ටනෙට් පහසුකමක් නැති අයට මේක ගොඩක් වටින දෙයක් වේවි. කතා ඕනි නෑ. ඒනම් වැඩේට එන්ටර් වෙමුකො ...


Wednesday, February 10, 2016

පිටසක්වල ජීවය 02




ආ ළමායි... නරුමි සර් මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ. බ්ලොගිය පැත්තෙ එන්නෙත් මාසෙටම දෙපාරක් තුන්පාරක් විතර. අද මම ආවෙ පිටසක්වල ජීවය ගැන කලින් දාල තිබුනු ලිපියෙ ඉතුරු කොටස දාන්න. කස්ටිය බලාගෙනනෙ ඉන්න ඇත්තෙ මේ ලිපිය දානකල්. හරි ඒනම් වැඩි කතා ඕනි නෑ සීන් එක කියන්නම්කො.

පිටසක්වල ජීවීන්ගේ පැමිණීම පිළිබඳ නිවැරදි පරීක්ෂණ හා තොරතුරුසොයා බැලීම ඉතාමත් සංකීර්ණ හා අපහසු කාර්යයකි. මොකද පුවත්පත් වාර්තාකරුවන් සහ මිනිසුන් තමන්ගේ වාසිය හා ප්‍රසිද්ධිය පතා මිනිසුන් මුලා කරවන අසත්‍ය තොරතුරු පල කරනව. කෙසේ වෙතත් ඉතා පුදුමසහගත සත්‍ය සිදුවීමක් 1947 රොස්වෙල් නම් කාන්තාර ප්‍රදේශයේ සිදු වී ඇත. එම සිදුවීමෙන් පසු සක්වල ජීවීන් පිලිබඳ මතය මිත්‍යාවක් නොවන බව බොහෝ දෙනා පිළිගත්හ.

Sunday, November 15, 2015

පිරානා



පිරානා



ඔන්න නරුමිය ගොඩ දාසකින් බ්ලොගියට ගොඩ උනා.... මේ දවස් වල ටිකක් වැඩ වැඩි හන්ද බ්ලොගිය පැත්තෙ එන්න බැරි උනා. අද ආවෙ අලුත් තොරතුරු වගයක් අරගෙන වැඩි කතා ඕනි නෑ කෙලින්න්ම කියන්නම්.


අද කතා කරන්න යන්නෙ මිනී කන මාළු ජාතියක් ගැන. මිනී කන මාළු කීවම බලයි මිනී මෝරුද කියලා...නෑ නෑ මන් කියන්න යන්නෙ පිරාන මාළු ගැන. ස්මහරු දන්නවත් ඇති. මෙයාල ඇත්ටම ලොකු මාළුවො ජාතියක් නෙමේ. අහ් කස්ටියට මතක ඇතිනෙ දඟර වලිග කාටුන් එකේ එම ඉන්නෙ, අන්න එයාල තමයි මේ.

Sunday, August 9, 2015

හබල් අභ්යාවකාශ දුරේක්ෂය 02




                             

   කාලෙකින් බ්ලොගියට ගොඩ උනේ... හෑ හම්මේ ඉතින් බ්ලොගිය පුරාවට මකුලු දැලුත් බැඳිල. වැඩිය කතා ඕනි නෑ මන් මේ ආවෙ බාගෙට ඉවර කරපු වැඩ ටික සම්පූර්ණ කරන්න. ඒනම් ඉතින් වැඩේට එන්ටර් වෙන්නම්කො ඈ.... කලින් වතාවෙ හබ්ල් දුරේක්ෂය ගැන දාපු ලිපියෙ ඉතිරි ටික දාල ඉන්නම්කො ඒනම්.....

                                               විශ්වයේ ඈත පවතින ග්‍රහ වස්තු වේගයෙන් ගමන් කරයි. නිසා ඒවායේ තොරතුරු ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වේ. පෘතුවියේ ගමන් මාර්ගයෙන් ඈතට  වේගයෙන් ගමන් කරන ග්‍රහ වස්තු ඇත.

Tuesday, March 17, 2015

හබල් අභ්යාවකාශ දුරේක්ෂය




හබල් අභ්යාවකාශ දුරේක්ෂය යනු අභ්‍යවකාශයේ තිබෙනා විශාල දුරේක්ෂයක් වේ.  එය වර්ශ 1990 දී අභ්‍යවකාශයට ගුවන්ගත  කළහ. එතැන් සිට "ගගන විද්‍යාවේ" ඉතාම වැදගත් උපකරණය ලෙස හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය ක්‍රියා කරන්නට විය. අභ්‍යවකාශය පිළිබඳ අති විශාල තොරතුරු රැසක් ලබා ගැනීමට හබ්ල් දුරේක්ෂය සමත් විය.