ආ ළමායි... නරුමි සර් මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා
ඉන්නෙ. බ්ලොගිය පැත්තෙ එන්නෙත් මාසෙටම දෙපාරක් තුන්පාරක් විතර. අද මම ආවෙ පිටසක්වල
ජීවය ගැන කලින් දාල තිබුනු ලිපියෙ ඉතුරු කොටස දාන්න. කස්ටිය බලාගෙනනෙ ඉන්න ඇත්තෙ
මේ ලිපිය දානකල්. හරි ඒනම් වැඩි කතා ඕනි නෑ සීන් එක කියන්නම්කො.
පිටසක්වල ජීවීන්ගේ පැමිණීම පිළිබඳ නිවැරදි පරීක්ෂණ හා
තොරතුරුසොයා බැලීම ඉතාමත් සංකීර්ණ හා අපහසු කාර්යයකි. මොකද පුවත්පත් වාර්තාකරුවන්
සහ මිනිසුන් තමන්ගේ වාසිය හා ප්‍රසිද්ධිය පතා මිනිසුන් මුලා කරවන අසත්‍ය තොරතුරු
පල කරනව. කෙසේ වෙතත් ඉතා පුදුමසහගත සත්‍ය සිදුවීමක් 1947 රොස්වෙල් නම් කාන්තාර
ප්‍රදේශයේ සිදු වී ඇත. එම සිදුවීමෙන් පසු සක්වල ජීවීන් පිලිබඳ මතය මිත්‍යාවක් නොවන
බව බොහෝ දෙනා පිළිගත්හ.